වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?
වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?
බිස්නස්
ඉන්සයිඩර් (Business Insider) හි ප්‍රධාන විධායක නිලධාරී හෙන්රි බ්ලොජට් විසින් තමන් කරන ලද මාධ්‍ය
පිළිබඳ සමීක්ෂණයක තොරතුරු පසුගියදා එළි දක්වූයේය. මේ සමීක්ෂණයට පදනම වූයේ නුදුරු
අනාගතයේදී ලොකයේ ඇති විය හැකි ජනමාධ්‍ය ප්‍රවණතා කවරාකාර විය හැකිද යන්නයි. ඔහු
සිය සමීක්ෂණයට පාදක කරගත්තේ ඇමෙරිකාව වුවත් එහි ඇතැම් නිරීක්ෂණ ශ්‍රී ලංකාව
ඇතුළු ලොකු කුඩා බොහෝ රටවලට අදාල වේ.
එහි එක්තරා මූලික
නිරීක්ෂණයක් වූයේ වැඩිහිටියෙකු සාමාන්‍යයෙන් දවසේ කොපමණ කාලයක් මාධ්‍ය
පරිශීලනය කිරීමට සහ අන්තර්ජාලයේ ගත කිරීමට යොදාගන්නවාද යන්නයි. එයින් හෙළි කරන
අන්දමට ඇමෙරිකාවේ වැඩිහිටියෙක් මාධ්‍ය සහ අන්තර්ජාලය සඳහා දවසකට පැය 12ක පමණ කාලයක් යොදවයි. එනම් දවසේ පැය
24න් හරි අඩක්ම ඔහු ගෙවන්නේ මාධ්‍යය
සහ අන්තර්ජාලය සමගය. ඊට අමතවර ඔවුන් පැය 5ක් රාජකාරි කටයුතු සඳහාද, පැය 7ක් නින්දටද, පැය 6කට ආසන්න කාලයක් කෑම-බීම,ව්‍යායාම, පවුල සහ සමාජ ආශ්‍රය ආදී දේ සඳහා ද
යොදාගන්නා බව අනාවරණය කොට තිබුණි. මේ සියල්ලේ එකතුව පැය 24ට වඩා වැඩි වන්නේ අප බොහෝ විට වෙනත්
කටයුතු කරන අතරවාරයේද මාධ්‍ය සහ අන්තර්ජාලය පරිශීලනය කරන බැවිනි.
ඒ අනුව පැහැදිලි
වන්නේ මාධ්‍ය සහ අන්තර්ජාලය අපේ ජීවිතවලට මේ වන විට කොපමණ බලපෑමක් සිදු කරමින්
සිටින්නේද යන්නයි. මෙය අනාගතයේ තවත් වැඩිවනවා මිසක අඩුවනු ඇතැයි විශ්වාස කිරීම
අපහසුය. මේ නිසාම අනාගතයේ අපේ ජීවිත තවදුරත් වෙනස් කරන බලගතු මෙවලමක් වනු ඇත්තේ
මාධ්‍ය සහ අන්තර්ජාලයයි.
මෙතනදී මාධ්‍ය
යනුවෙන් හඳුන්වන්නේ පුවත්පත්, ගුවන් විදුලි සහ රූපවාහිනී යන සම්ප්‍රදායික මාධ්‍ය පමණක් නොවේ.
සමාජ මාධ්‍ය, බ්ලොග් අඩවි මෙන්ම ඩිජිටල් මාධ්‍යද මේ යටතට අයත් වේ. මේ එක් එක්
මාධ්‍ය වෙනුවෙන් පුද්ගලයෙකු සාමාන්‍යයෙන් වෙන් කරන කාල සීමාව කොපමණද යන්න
පිළිබඳවත් එම සමීක්ෂණයේ විග්‍රහ කොට ඇත.
එයට අනුව මාධ්‍ය
පරිශීලනය කරන්නන් මේ වන විට අඩුවෙන්ම පරිශීලනය කරන්නේ පුවත්පත් මාධ්‍යයයි. මාධ්‍ය
සහ අන්තර්ජාලය වෙනුවෙන් වෙන් කරන පැය 12න් ඔවුන් පුවත්පත් සඳහා වැය කරන්නේ
මිනිත්තු 25ක කාලයක් පමණි. ප්‍රතිශතයක් වශයෙන් බැලුවහොත් එය සියයට 3.4 කි. ඊළඟට අඩුම අවධානය යොමු වන මාධ්‍යය
වී ඇත්තේ ගුවන් විදුලියයි. ගුවන් විදුලිය සඳහා කෙනෙකු දිනකට වෙන් කරන්නේ පැයකුත්
විනාඩි 25කි. රූපවාහිනිය සඳහා පැය 04 විනාඩි 04කුත් ඩිජිටල් මාධ්‍ය සඳහා පැය 5 විනාඩි 50 කුත් වෙන් කරන බව ඉන් අනාවරණය කොට
ඇත. මෙහිදී සාම්ප්‍රදායික පුවත්පත් සහ ඩිජිටල් මාධ්‍ය අතර ඇති වෙනස
සංසන්දනය කිරීමෙන්ම ලෝකයේ මාධ්‍ය ප්‍රවණතා වෙනස් වන ආකාරය පිළිබඳ පැහැදිලි අදහසකට
එළඹිය හැකිය.
වෙළඳ දැන්වීම්
ආදායම බෙදී යන්නේද මෙයට සමාන අනුපාතයකිනි. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ සමාගම් වල වෙළඳ
දැන්වීම් වලට වෙන් කරන්නේ නිශ්චිත මුදල් ප්‍රමාණයක් වන අතර එය වසරේ මුල හෝ
කාර්තුවේ මුල තීරණය වේ. කොතරම් අලුත් ප්‍රකාශන පැමිණියත්, මාධ්‍ය ප්‍රවණතා කොතරම් වෙනස් වුවත්, දැන්වීම් සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය
එම කාල සීමාව තුළ නොවෙනස්ව පවතී. සියලු දෙනාම තරග කරන්නේ එකම 'කේක් කැබැල්ලෙන්' කොටසක් කඩාගැනීමටය. මාධ්‍යයේ ප්‍රබලත්වය
අනුව කේක් කැබැල්ලෙන් කඩාගත හැකි ප්‍රමාණය වෙනස් වේ. මේ අනුව ඇමෙරිකාවේ මෙන්ම
බටහිර බොහෝ රටවලත් වෙළඳ දැන්වීම් වලින් වැඩිම කොටසක් හිමිවන්නේ ඩිජිටල් මාධ්‍යයටය.
මෙයට සමගාමීව සාම්ප්‍රදායික මාධ්‍ය සඳහා ලැබෙන කොටස අඩුවෙමින් පවතී. මෙම ප්‍රවණතාව
ඉදිරියේදී තවත් පැහැදිලිව දැකගත හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි.
මෙම ප්‍රවණතා අඩු
වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේද දැක ගත හැකිය. වර්තමානයේ කොළඹ කේන්ද්‍රීයව ජීවත් වෙන
දෙනා සිය ප්‍රවෘත්ති දැන ගැනීමේ අවශ්‍යතාව සපුරා ගන්නේ එස්.එම්.එස් හරහා හෝ
ඩිජිටල් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළිනි. පුවත්පත් කියවීමේ පුරුද්ද ඉතාම වේගයෙන්
නාගරික සමාජය කෙරෙන් තුරන් වෙමින් පවතී. පුවත්පත් බහුලව සංසරණය වන්නේ කොළඹින්
බැහැර ප්‍රදේශවලය. කලින් පුවත්පත් වලට ගිය වෙළෙඳ දැන්වීම් මුදල් ඉතා ශීඝ්‍රයෙන්
රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය වෙත ගමන් කරයි. මේ නිසා පුවත්පත් වලට ලැබෙන දැන්වීම්
ආදායම ක්‍රමයෙන් අඩුවන අතර ඩිජිටල් මාධ්‍ය සඳහා ලැබෙන ආදායම ක්‍රමයෙන් වැඩිවේ. මෙම
ප්‍රවණතා අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේද දැක ගත හැකිය.
මෙම අභියෝගයට
මුහුණ දීම සඳහා ලෝකයේ බොහෝ පුවත්පත් සමාගම් ඉතාම වේගයෙන් ඩිජිටල් මාධ්‍ය වෙත සංක්‍රමණය
වෙමින් පවතී. එක තැනකින් අහිමි වන ආදායම සහ පාඨක අවධානය තවත් තැනකින් අල්ලා ගැනීමට
ඔවුන් උත්සාහ දරන බව පෙනේ. නමුත් ප්‍රශ්නය වන්නේ අන්තර්ජාතික වශයෙන් වෙන වෙනස්
වීම් සහ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කෙතරම් දුරට ග්‍රහණය කරගෙන තිබේද
යන්නයි.
පෞද්ගලික මාධ්‍ය
ආයතන එකක් හෝ දෙකක් හැරුණු අනෙකුත් බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන මෙම ශීඝ්‍ර
වෙනස් වීම තේරුම් ගත නොහැකිව අතරමංව සිටින බව පෙනේ. බොහෝ විට මෙය එම ආයතන වල මුල්
බැසගෙන සිටින පුද්ගලයන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන්නකි. මෙම තත්ත්වයන් අනාගතයේ මූල්‍ය
අර්බුද කරා වර්ධනය වුවත් එය එතරම් පුදුමයට කාරණයක් නොවනු ඇත. කෙසේ වෙතත් මෙම
හිස්තැන ඉතාම හොඳින් තේරුම් ගත් තරුණ ව්‍යවසායකයන් නව සමාගම් හරහා ( Start-ups ) හරහා නොයෙකුත් අත්හදා බැලීම් සිදු කරන බව පෙනෙන්නට තිබේ. දැනට මේවා
කොළඹ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුවත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් බව පෙනී යයි. මේ
ප්‍රවණතා මනාව ග්‍රහණය කරගතහොත් ඔවුන්ට අනාගතයේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ
විප්ලවයක් සිදුකිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
වෘත්තීය
දේශපාලනඥයන් වන අපද මාධ්‍යවේදීන් තරමටම මේ වෙනස ගැන සංවේදී විය යුතුය. මාධ්‍යය සහ
දේශපාලනය නිතරම එකට අත්වැල් බැඳ ගෙන යන ක්ෂේත්‍ර දෙකකි. මාධ්‍යයෙන් තොරව
දේශපාලනයටද, දේශපාලනයෙන් තොරව මාධ්‍යයටද පවතින්නට නොහැකිය. එහෙත් ජනමාධ්‍ය
නමැති සාධකය නිසි පරිදි කළමනාකරණය කරගන්නට නම් එය මේ වන විට ගමන් කරමින් සිටින්නේ
කුමන දිශාවටදැයි යන්න තේරුම් ගැනීම වැදගත්ය.
සාගල රත්නායක

Comments
Post a Comment