Posts

Showing posts from March, 2018

එදා වේල ටුවර්ස්ලාගේ විශ්වාස භංගය

Image
එදා වේල ටුවර්ස්ලාගේ විශ්වාස භංගය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෙරට අගමැති ධූරයට පත්වූ පසු රටේ හෙට දවස සුභදායී කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඵලදායී දායකත්වයක් ලබාදුන්නාක් මෙන්ම තවමත් ඒ මෙහෙවර එලෙසින්ම ලබාදෙමින් සිටින්නේය. රාජපක්ෂ රෙජීමය සමයේදී මෙරට සිදුවූ බවට චෝදනා එල්ලවන දූෂණ , වංචා තවමත් මෙරට ජනතාවට අමතක නැත. විදේශයන්ගෙන් දැවැන්ත ණය ලබාගනිමින් මෙරට ආර්ථිකය දුර්දාන්තයකට ලක්කළ මේ පිරිස හම්බන්තොට වරාය වැනි සුදු අලින් නඩත්තු කරන මට්ටමට පත්ව සිටි බව නොරහසකි. කෙසේවුවත් , අගමැතිතුමාගේ ආර්ථික දැක්ම හා විදේශ රාජ්‍යයන් සමගින් ඇති කරගත් ශක්තිමත් සබඳතා හමුවේ නැවත රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සාර්ථකව දියත් කරන්නට අගමැතිතුමාට හැකිවිය.   වසර දහයකට ආසන්න කාලයක් රට අගාධයට හෙළු රාජපක්ෂ යුගය අවසන් කර පත්වූ යහපාලන රජය පත්වී ගතවී තිබෙන්නේ තවමත් වසර තුනක් පමණි. එවැනි මොහොතක මනා ආර්ථික දැක්මක් ඔස්සේ මෙරට යළි සමෘද්ධිය කරා ගෙනගිය අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය මේ සතියේදී කථානායකවරයාට භාරදීමට නියමිත බව පැවසේ. කෙසේවුවත් , ඒකාබද්ධ විපක්ෂයේ   මූලිකත්වයෙන් ඉදිරිපත් ක...

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම

Image
                                  සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම පසුගියදා රට තුළ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට තුළ හිඳිමින් සමාජ මාධ්‍ය ජාල වලට පිවිසීම වාරණය කිරීම සිදුකළේය. ඊට හේතුව වූයේ මේ නොසන්සුන්කාරී සිදුවීම මෙහෙයවීම, ඒ හා සම්බන්ධ මතවාද නිර්මාණය, විවිධ ප්‍රදේශ වල සිදුවුණ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් අතර පණිවිඩ හුවමාරු කිරීම ආදී සියලුම ක්‍රියාවන් සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවී තිබීමයි. තෙල්දෙණිය සිද්ධිය පිටුපස සිටි ප්‍රධානතම චරිතය වූ අමිත් වීරසිංහ නැමැත්තා පසුගියදා අත්අඩංගුවට ගැනුණි. එමෙන්ම, මේ සතිය ආරම්භයේදී ද තෙල්දෙණිය සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය හරහා ජාතිවාදී හා වෛරී සහගත අදහස් පැතිර වූ පාසල් සිසුන් විශාල සංඛ්‍යාවක් ද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගැනීම සිදුවිය. විශේෂයෙන්ම, අමිත් වීරසිංහ සම්බන්ධයෙන් විමසා බැලූ විට ඔහු සිය ෆේස්බුක් පිටුව හා සමූහය හරහා බෞද්ධයින් කුපිත කරවමින් මුස්ලිම් විරෝධී මතවාදයක් නිර්මාණය කිරීමට දැඩි උත්සහයක් ගත් බව මෑතකාලීනව දක්නට ...

වඳ කළයුත්තේ ජාතිවාදීන්ය

Image
වඳ කළයුත්තේ ජාතිවාදීන්ය පසුගියදා තෙල්දෙණියේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අම්පාර සිදුවීමෙන් පසු නැවත වරක් ජාතිවාදය රට තුළ හිස එසවූ අයුරු දැකගත හැකිවිය. කෙසේවුවත්, මුස්ලිම් පිරිසකගේ පහර කෑමට ලක්වූ සිංහල තැනැත්තෙකු දින කීපයක් රෝහලේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව සිදුවූ මරණයක් ජාතිවාදී ගැටුමක් බවට පත්කරගන්නා ඥානසාර හිමි ඇතුළු පිරිස මේ සිද්ධිය පිටුපස සිටියහ. පොලිසීයේ සුවිශේෂී මැදිහත්වීමෙන් පසු ගැටුම සමතයකට පත්කර ගැනීමට හැකි වුවද අවසානයේදී ගින්නට පිළිස්සී ගිය නිවසක් තුළ තිබී මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක් ද හමුවිය. කෙසේවුවත්, සමාජ මාධ්‍ය හරහා ජාතිවාදය වපුරවන තැනැත්තන් නිහඬ කරවීමට කිසිවකුට නොහැකි වී ඇති අතර ඔවුන් තව තවත් ශක්තිමත් වෙමින් වෛරී සහගත. අදහස් පතුරවමින් සිටියි. මහනුවර තත්ත්වය සන්සුන් වුවත් ජාතිවාදය පතුරවා ඉන් විනෝද වන පුද්ගලයින්ගේ නොහික්මුණු ක්‍රියාකාරකම් තවමත් හමාර වී නැති බව නැවතත් සිහිපත් කරදෙනු කැමතිය. අනෙක් පසින් අම්පාර ආපන ශාලාවක වඳ පෙති මිශ්‍ර කොට පාරිභෝගිකයින්ට ලබාදෙන බවට වූ පුවත පසුගිය 27 වැනිදා ෆේස්බුක් මාධ්‍යයේ ඔබ මොබ සැරි සැරූ පිරිස අතර ජනප්‍රියතම මාතෘකාව වී ...