එදා වේල ටුවර්ස්ලාගේ විශ්වාස භංගය
එදා
වේල ටුවර්ස්ලාගේ විශ්වාස භංගය
රනිල්
වික්‍රමසිංහ අගමැතිතුමා මෙරට අගමැති ධූරයට පත්වූ පසු රටේ හෙට දවස සුභදායී කිරීමේ
වැඩපිළිවෙල වෙනුවෙන් ඵලදායී දායකත්වයක් ලබාදුන්නාක් මෙන්ම තවමත් ඒ මෙහෙවර එලෙසින්ම
ලබාදෙමින් සිටින්නේය. රාජපක්ෂ රෙජීමය සමයේදී මෙරට සිදුවූ බවට චෝදනා එල්ලවන දූෂණ, වංචා
තවමත් මෙරට ජනතාවට අමතක නැත. විදේශයන්ගෙන් දැවැන්ත ණය ලබාගනිමින් මෙරට ආර්ථිකය
දුර්දාන්තයකට ලක්කළ මේ පිරිස හම්බන්තොට වරාය වැනි සුදු අලින් නඩත්තු කරන මට්ටමට
පත්ව සිටි බව නොරහසකි. කෙසේවුවත්, අගමැතිතුමාගේ ආර්ථික දැක්ම හා විදේශ
රාජ්‍යයන් සමගින් ඇති කරගත් ශක්තිමත් සබඳතා හමුවේ නැවත රට ගොඩනැගීමේ වැඩපිළිවෙල
සාර්ථකව දියත් කරන්නට අගමැතිතුමාට හැකිවිය.
වසර
දහයකට ආසන්න කාලයක් රට අගාධයට හෙළු රාජපක්ෂ යුගය අවසන් කර පත්වූ යහපාලන රජය පත්වී
ගතවී තිබෙන්නේ තවමත් වසර තුනක් පමණි. එවැනි මොහොතක මනා ආර්ථික දැක්මක් ඔස්සේ මෙරට
යළි සමෘද්ධිය කරා ගෙනගිය අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට
නියමිතය. මෙය මේ සතියේදී කථානායකවරයාට භාරදීමට නියමිත බව පැවසේ.
කෙසේවුවත්, ඒකාබද්ධ
විපක්ෂයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරෙන මෙම
විශ්වාසභංගයේදී ඔවුන් ප්‍රධාන චෝදනා 14 ක් අගමැතිතුමාට එරෙහිව ගෙනහැර දැක්වීමට
නියමිත මාධ්‍ය වාර්තා කොට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන
අයුරින් ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංගය ගොනු කිරීමේ මූලිකත්වය ගෙන සිටියි.
කෙසේවුවත්, ඒකාබද්ධ
විපක්ෂයේ ප්‍රධානියා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ මහතා තවමත් මෙම විශ්වාසභංගයට අත්සන් කර නැත.
විශ්වාසභංගය ගැන මේ පිරිස පවසන කතාවල ඇත්ත නැත්ත මේ සතිය තුළ දී අපට දැකගත හැකිවනු
ඇත.
කෙසේවුවත්, වසර
දහයකට අධික කාලයක් මහජනතාවගේ දෑස් වසා තබමින්
මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට ඔවුන් කළ කී දෑ මේ වනවිට
අමතකව ගොස් තිබෙනවා විය හැකිය. එදා වේල සරිකර ගැනීමට රට තුළ විවිධ ගැටුම් නිර්මාණය
කරමින් ජනයා මුලා කරන තත්ත්වයට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පත්ව සිටීම සැබෑම
ඛේදවාචකයකි.
වාසුදේව
නානායක්කාර, විමල්
වීරවංශ, උදය
ගම්මන්පිල, ඩලස්
අලහප්පෙරුම, මහින්ද
යාපා අබේවර්ධන හා සාලින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් මේ වනවිට විශ්වාසභංගයට අත්සන්
කර ඇත. මේ පිරිස් පසුගිය රජය සමයේදී කළ කී දෑ ගැන මදක් සිහිපත් කරනු කැමතිය.
මේ
විශ්වාසභංගයේ මහ මොළකරු වන මහින්ද රාජපක්ෂ රටට සිදු කළ විනාශය ගිණිය නොහැකි තරම්ය.
අසීමාන්තික ලෙස විදෙස් ණය ලබා ගනිමින් තම මඩිය තරකර ගත් ඔහු රට ඇද දැමූ ප්‍රපාතයෙන්
රට ගලවාගන්නට සිදුව තිබෙන්නේ ද වත්මන් රංයටයි. රාජපක්ෂ පවුලේ හිතවතුන්ගේ පාලනයට
නතු කළ රාජ්‍ය ආයනතන මහදවාලේ කොල්ල කෑ හැටි රටේ ජනතාවට අමතක වී නැත. රාජපක්ෂ පවුලේ
හිතවතුන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට
සිදුකළ විනාශය රාජපක්ෂ පවුලේ කෙරුවාව ලොවටම කියාපාන්නකි.
අද
අගමැතිට එරෙහිව ගොනුකර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යයට පැමිණ රැගුම් පාන උදය
ගම්මන්පිල මහතා ද ගනුදෙනු ගණනාවක් හරහා දූෂණයේ යෙදී ඇති බවට චෝදනා ලබා සිටින
අයෙකි. ක‍්‍රිස්බෝ සමාගමට මහපිටිය අලිමංකඩේ අක්කර 150 ක් බඩඉරිඟු වගා කීරීම සඳහා
නීති විරෝධී ලෙස ඉඩම් ලබාදීම ආරම්භ කළ ඔහු මේ මහා මංකොල්ලකෑම් අවසන් කළේ මහ මුහුදේ
අක්කර 496 ක් නීති විරෝධී ලෙස ගොඩ කරමින් චීන වරාය නගර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක
කරමින් මහ මුහුද ද කොල්ලකමින් බව පැවසේ. මේ ඔහුට නැගෙන චෝදනා අතරින් කීපයක්
පමණකි.
විමල්
වීරවංශ වැන්නවුන් මෙරටට කළ විනාශය සුළු පටු නොවන බව සැලෙක අතර ඔහු කළ බවට සැලකෙන
දූෂණයන් කීපයක් මෙලෙස හඳුනාගත හැකිය. රාජ්‍ය වාහන අවභාවිත කරමින් කළ රාජ්‍ය සම්පත්
විනාශය, රාජ්‍ය
නිවාස යෝජනා ක්‍රමවල නිවාස තම හිතවතුන් වෙනුවෙන් තුට්ටු දෙකට ලබාදීම, ඉංජිනේරු
සංස්ථාවට බදවා ගත් සේවකයින් තම නිවසේ මෙහෙකාර සේවයේ යෙදවීම, සිය
පක්ෂයේ හිතවතුන් 60 දෙනෙකුට සංවර්ධන නිළධාරීන් ලෙස නම්කර මොවුන්ට වසර 4 කට අධික
කාලයක් තිස්සේ වැටුප් ගෙවීම, 2015 ජනපතිවරණ සමයේදී රු.මි. 11.7 ක්
කොළඹ යුනියන් පෙදෙසේ සලාකා සමූහ ව්‍යාපාරයට ආයෝජනය කිරීම, දූෂිත
ලෙස උපයාගත් මුදල් භාවිත කරමින් රු.මි. 5 ක් හා රු.මි. 18.5 ක වටිනාකමින් යුතු
නිවෙස් ඉදිකිරීම ආදිය ඔහුට එල්ල වන දූෂිත ක්‍රියාවන් අතරින් කීපයක් පමණකි. එපමණක්
නොව ඔහුගේ බිරිඳට එරෙහිව පවා දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙමින් පවතියි.
මහත් හාස්‍යයට තුඩු දෙන කරුණ වී තිබෙන්නේ එදා පවුල් පිටින් හොරකම් කළ මේ පිරිස අද
අගමැතිතුමාට එරෙහිව චෝදනා ගොනුකිරීමට පෙළගැසී සිටීමයි.
අගමැතිතුමාට
එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යැයි පැවසෙන විශ්වාසභංගය පිළිබඳ සඳහන් කරන
නීතිවිශාරදයින් පවසන්නේ වත්මන් රජයේ අභ්‍යන්තර
තත්වයන් අනුව ආණ්ඩුවට හෝ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර
පරාජය කළ නොහැකි බවයි. පාර්ලිමේන්තු සංයුතිය තුල අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට
බහුතරයක් පවතින බැවින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළද එය නිශ්ඵල තත්ත්වයක් වනු
ඇත යන්න ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.
මේ විශ්වාසභංග යෝජනාව වැනි පුස්වෙඩි ලංකා දේශපාලනයට අලුත් දේවල් නම් නොවේ.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයාට ඒවා අලුත් දේවල් ද නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ
මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පක්වූ දිනයේ මෙවැනි කුමන්ත්‍රණ රැසක් ඔහුට
විරුද්ධව ක්‍රියාත්මක වෙනු දැකිය හැකි විය. ඒ ඇතැම් කුමන්ත්‍රණ පක්ෂය ඇතුළෙන්ම
පැමිණි ඒවා විය. අනෙක් ඒවා පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් බාහිර පර්ශවයන් විසින් ක්‍රියාත්මක
කළ ඒවාය.
නමුත් ඒ කිසිම අභ්‍යන්තර කැරැල්ලක් සාර්ථක වූයේ ද නැත. අවසානයේ දී සිදුවූයේ
කැරලිකරුවන්ද යළි එක්සත් ජාතික පක්ෂ නායකත්වය වටා ඒකරාශීවීම මණි.
මේ විශ්වාසභංග යෝජනාවටද අත්වන්නේ ඒ ඉරණමමය. කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව
ඉදිරිපත් කිරීමෙන් වත්මන් රජයේ බහුතර බලය යළි තහවුරු වන අතර තමන්ට බහුතර ඇතැයි
පාරම්බාන පාර්ශවයන්ට බහුතර බලය නොමැති බවත් ඔවුන් කොතරම් අසාර්ථක ද යන්නටත් රටට හෙළි
වීම සිදුවේ.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කරන පාර්ශවයේ කුමන හෝ වාසනාවකට විශ්වාසභංගය
සාර්ථක වුවහොත් ඊළඟ ප්‍රථිඵලය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවීමයි.
එවිට ලැබෙන එකම ප්‍රථිඵලය වන්නේ විශ්වාසභංගය අත්සන් කරන මන්ත්‍රීවරුන්ගේ
පාර්ලිමේන්තු අසුනවත් ඔවුනට රැකගැනීමට නොහැකිවීමයි. එය වසර දෙකකට කළින්
ජනාධිපතිවරණය පවත්වා මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමේ දෙවැනි අදියර යැයි කීවොත්
නිවැරදිය. මේ කණ්ඩායමට ජනතාව කොතරම් පාඩම් කියා දුන්නද ඔවුන් පාඩම් ඉගෙන ගන්නා
බවක් නම් පෙනෙන්ට නැත. කෛසේවෙතත් මේ එදා වේල ටුවර්ස්ලාගේ විශ්වාසභංගයෙන් රජය
පිළිබඳවත් අගමැතිතුමා පිළිබඳවත් ඇති විශ්වාසය තහවුරු වන බව නම් කිවයුතුමය.

Comments
Post a Comment