Posts

Showing posts from February, 2018

උකුස්සන් සමග ඉගිලෙන්නට කලින් පාත්තයන් සමග ඇවිදින්නට උගනිමු

Image
උකුස්සන් සමග ඉගිලෙන්නට කලින් පාත්තයන් සමග ඇවිදින්නට උගනිමු 2015 ජනවාරි 08 වැනිදා ජනතාව විසින් පරාජය කරනු ලැබුවේ මෙරට බිහි වෙමින් තිබූ රාජාණ්ඩු පාලන ක්‍රමයකි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියලු පාර්ශවයන් රාජපාක්ෂික වී තිබූ සමයක ඒ පාලනය ජනතාව විසින් පරාජය කරමින් ජනතාවාදී පාලනයක් සිය පාලන තන්ත්‍රය ලෙසින් තෝරා ගනු ලැබුවේ ජනතා පරමාධිපත්‍යයට පින්සිදුවන්නටයි. ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් ජනවාරි 08 වැනිදා සිදුවූ ජනතා විප්ලවය මෙරට දේශපාලන ඉතිහාසයේ රන්අකුරින් ලියැවෙන්නේ ඒ හේතුවෙනි.  ඉන් පසුව බිහි වූ දි න සියයේ වැඩසටහනට අනුව විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධවූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් බිහි කිරීම සහ  18  වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කෙරෙන  19  වැනි සංශෝධනය සම්මත කිරීම ජනවාරි 08 විප්ලවයේ ප්‍රමුඛතම අරමුණු අතර විය. ඒ හරහා ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට ,  ශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමට  , පවුල්වාදය වෙනුවට ජන සම්මතවාදය ස්ථාපිත කිරීමට ,  දූෂණයෙන් වංචාවෙන් ...

පරිණත පක්ෂ නායකත්වය එජාපයේ අභිමානයයි.

Image
පරිණත පක්ෂ නායකත්වය එජාපයේ අභිමානයයි. ක්‍රීඩා   පිටියේ  දී, යුද පිටියේ දී මෙන්ම දේශපාලනයේ දී ද හොඳ නායකයන් බිහිවන්නේ පීඩනකාරී වටපිටාවකදී ය. කෙනෙකු පීඩනය හසුරුවන අන්දම ඔහුගේ හෝ ඇයගේ නායකත්ව ගුණාංග මැන බැලීමට ඉතාම සුදුසු මිම්මකි. පීඩනය සාර්ථකව කළමනාකරණය කරගන්නා නායකයෙකු හට වෙනත් ඕනෑම අභියෝගයක් ජයගැනීම අපහසු නොවේ.  වත්මන් පළාත් පාලන මැතිවරණයද පැවැත්වෙන්නේ ඉතාම පීඩනකාරී වටපිටාවක බව පිළිගත යුතු සත්‍යයකි. මෙය 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු පැවත්වෙන මුල්ම මැතිවරණයයි. 2015 අගෝස්තු මහ මැතිවරණය පැවැත්වුණේ ජනාධිපතිවරණය  අවසන් වී මාස කිහිපයකින් පසුවය. මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළත් ජනාධිපතිවරණ උණුසුම පහව ගොස් නොතිබිණි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් තරග වැදුණු පෙරමුණ නියෝජනය කළේ  ජනවාරි 08 වැනිදා  යහපාලනය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ 62 ලක්ෂයකට අධික පිරිසකගේ අරමුණු බව පැහැදිලිව පෙනුණු  කරුණක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළේ රාජපක්ෂවාදී කණ්ඩායම වූ අතර වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. මේ...

සිංගප්පූරුවෙන් අපට විවර වන අග්නි දිග ආසියාවේ ආර්ථික දොරටුව

Image
සිංගප්පූරුවෙන් අපට විවරවන අග්නිදිග ආසියාවේ ආර්ථික දොරටුව ශ්‍රී ලංකාව පසුගියදා සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළේය. එය රටේ ආර්ථිකයට කෙටිකාලීනව මෙන්ම දිගු කාලීනවද ඇති කරන සුබවාදී බලපෑම ඉතා පුළුල්ව විමසිය යුතුය.  සිංගප්පූරුව සමග ශ්‍රී ලංකාව අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාව වසර 10කට පසු අත්සන් කළ මුල්ම නිදහස් වෙළඳ ගිවිසුම වේ.   එනම් පසුගිය රජය මෙරට පාලනය කළ වසර ගණනාවක කාලය තුළ ශ්‍රී ලංකාව කිසිම නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර නැත. මේ තුළින් කියැවෙන්නේ ජාත්‍යන්තරය අමතක කොට හුදෙකලා රාජ්‍යයක් ලෙස ගමන් කරනවා වෙනුවට ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තරය සමග අත්වැල් බැඳගෙන, ජාත්‍යන්තර දියුණුවේ කොටස්කරුවෙකු වෙමින් ඉදිරියට යාම තෝරා ගෙන ඇති බවය. එය වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිදුවූ මූලික වෙනසකි. එමෙන්ම එය දේශපාලන පක්ෂ හෝ ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම සතුටු විය හැකි කාරණයකි. එහෙත් රටේ ආර්ථිකයේ සියලු දේ සර්ව සම්පූර්ණ බවවත්, අප සියලු දේ දිනා ඇති බවවත් මෙයින් නොකියැවේ. මෙයින් කියැවෙන ප්‍රධානම දෙය මේ වන විට අප රටක් වශයෙන් නිවැරදි ම...

වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?

Image
වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද ? බිස්නස් ඉන්සයිඩර් ( Business Insider) හි ප්‍රධාන විධායක නිලධාරී හෙන්රි බ්ලොජට් විසින් තමන් කරන ලද මාධ්‍ය පිළිබඳ සමීක්ෂණයක තොරතුරු පසුගියදා එළි දක්වූයේය. මේ සමීක්ෂණයට පදනම වූයේ නුදුරු අනාගතයේදී ලොකයේ ඇති විය හැකි ජනමාධ්‍ය ප්‍රවණතා කවරාකාර විය හැකිද යන්නයි. ඔහු සිය සමීක්ෂණයට පාදක කරගත්තේ ඇමෙරිකාව වුවත් එහි ඇතැම් නිරීක්ෂණ    ශ්‍රී ලංකාව ඇතුළු   ලොකු කුඩා බොහෝ රටවලට අදාල වේ.   එහි එක්තරා මූලික නිරීක්ෂණයක් වූයේ වැඩිහිටියෙකු සාමාන්‍යයෙන් දවසේ   කොපමණ    කාලයක් මාධ්‍ය පරිශීලනය කිරීමට සහ අන්තර්ජාලයේ ගත කිරීමට යොදාගන්නවාද යන්නයි. එයින් හෙළි කරන අන්දමට ඇමෙරිකාවේ වැඩිහිටියෙක් මාධ්‍ය සහ අන්තර්ජාලය සඳහා දවසකට පැය 12 ක පමණ කාලයක් යොදවයි. එනම් දවසේ පැය 24 න් හරි අඩක්ම ඔහු ගෙවන්නේ මාධ්‍යය සහ අන්තර්ජාලය සමගය. ඊට අමතවර ඔවුන් පැය 5 ක් රාජකාරි කටයුතු සඳහාද , පැය 7 ක් නින්දටද , පැය 6 කට ආසන්න කාලයක් කෑම-බීම , ව්‍යායාම , පවුල සහ සමාජ ආශ්‍රය ආදී දේ සඳහා ද යොදාගන්නා බව අනාවරණය කොට තිබුණි. මේ සියල්ලේ එකතුව...

ඩිජිටල් ව්‍යවසායකත්වය තව දුරටත් කැරට් අලයක් නොවේ

Image
ඩිජිටල් ව්‍යවසායකත්වය තව දුරටත් කැරට් අලයක් නොවේ   කුමාරතුංග මුනිදාස පඬිවරයා ලියූ ' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී ' යන පාඨය අප බොහෝ දෙනෙකු ඉගෙන ගත්තේ පාසල් කාලයේදීය. අපට පෙර පරපුරද අපෙන් පසු පරපුරද ඒ පාඨය ඒ අයුරින්ම ඉගෙන ගෙන ඇතුවාට සැක නැත.   අප කොතෙක් මෙම පාඨය   ඉගෙන ගත්තත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙහිලා කෙතරම් සමත් වූවාද යන්න වෙනම සිතා බැලිය යුතු කරුණකි . නිදහසින් පසු ගෙවුණු දශක හත ඇතුළත අප අඩුවෙන්ම අවධානය යොමු කළ කාරණයක වූයේ අලුත් දෑ ගොඩනැගීමයි. වෙනත් වචන වලින් කියන්නේ නම් ව්‍යවසායකත්වයයි. නිදහස ලබන විට අපට පසුපසින් සිටි බොහෝ රටවල් අද වන විට අප පසුකොට බොහෝ දුර ගොස් ඇත්තේ අප අතින් සිදු වූ මෙබඳු වැරදීම් නිසාය. මා විශ්වාස කරන අන්දමට එය පසුගිය දශක හත පුරාම මෙරට මුල් බැසගත් බලය කේන්ද්‍රීය වූ දේශපාලනයේ අතුරු ඵලයකි.   රට පාලනය කළ විවිධ රජයන් නිතරම ජනතාවට   පෙන්වූයේ සුවපහසු , කෙටි මාර්ගය මිස දීර්ඝ   එහෙත් තිරසාර මාර්ගය නොවේ. මෙහිලා අප රටක් වශයෙන් වුවමනාවෙන්ම අමතක කළ කාරණය වූයේ සාර්ථකත්වයට දිගු මං මිස කෙටි මං නොමැති බවය. ​සෑ...

පිරුවට සංවර්ධනයෙන් තිරසර සංවර්ධනයට

Image
වටමේසය පිරුවට සංවර්ධනයෙන් තිරසර   සංවර්ධනයට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වත්මන් ආණ්ඩුව විෂයෙහි සිදු කරන එක්තරා ප්‍රබල විවේචනයක් වන්නේ ආණ්ඩුවට වැඩ බැරි බවය. නො එසේ නම් ආණ්ඩුව වැඩ කරන්නට දන්නේ නැති බවය.   ඒ සඳහා ඔවුන් ගෙනහැර දක්වන ජනප්‍රිය උදාහරණය වන්නේ රාජපක්ෂ යුගයේ තරම් මහා පරිමාණ ව්‍යාපෘති වත්මන් රජය යටතේ ක්‍රියාත්මක නොවීමයි. ව්‍යාපෘති ගණන සංඛ්‍යාත්මකව ගනණය කළ හොත් එම කතාව බැලූ බල්මට සත්‍යයක් ලෙස පෙනී යයි.   නමුත් ප්‍රශ්නය වන්නේ සංවර්ධනය යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ කුමක්ද , සහ එහි දිගු කාලීන බලපෑම   කුමක්ද   යන්නයි.   නිදර්ශනයක් වශයෙන් අතිශය දූෂිත ගනුදෙනු සිදු කිරීම සඳහා ' සංවර්ධන ව්‍යාපෘති ' පිරුවටයක් වශයෙන් භාවිතා කිරීමට ඇති හැකියාව ගැන උදාහරණ සෙවීමට අපට බොහෝ දුර යාමට අවශ්‍ය වන්නේ නැත.    එමෙන්ම කෙටි කාලීන දේශපාලන වාසි සන්දහා මෙන්ම වෙනත් පටු ලාභ ප්‍රයෝජන සඳහාද ' සංවර්ධන ව්‍යාපෘති ' භාවිත වූ ආකාරය ගැන නිදසුන් සෙවීමට අපට සත් සමුදුරින් එපිටට යා යුතු නැත. මෙවැනි ව්‍යාපෘති සඳහා පරිසර අධ්‍යයන වාර්තා , ශක්‍යතා අධ්‍යයන වාර්තා හෝ ස්...