එදා වේල ටුවර්ස්ලාගේ විශ්වාස භංගය
එදා වේල ටුවර්ස්ලාගේ විශ්වාස භංගය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෙරට අගමැති ධූරයට පත්වූ පසු රටේ හෙට දවස සුභදායී කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඵලදායී දායකත්වයක් ලබාදුන්නාක් මෙන්ම තවමත් ඒ මෙහෙවර එලෙසින්ම ලබාදෙමින් සිටින්නේය. රාජපක්ෂ රෙජීමය සමයේදී මෙරට සිදුවූ බවට චෝදනා එල්ලවන දූෂණ , වංචා තවමත් මෙරට ජනතාවට අමතක නැත. විදේශයන්ගෙන් දැවැන්ත ණය ලබාගනිමින් මෙරට ආර්ථිකය දුර්දාන්තයකට ලක්කළ මේ පිරිස හම්බන්තොට වරාය වැනි සුදු අලින් නඩත්තු කරන මට්ටමට පත්ව සිටි බව නොරහසකි. කෙසේවුවත් , අගමැතිතුමාගේ ආර්ථික දැක්ම හා විදේශ රාජ්‍යයන් සමගින් ඇති කරගත් ශක්තිමත් සබඳතා හමුවේ නැවත රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සාර්ථකව දියත් කරන්නට අගමැතිතුමාට හැකිවිය. වසර දහයකට ආසන්න කාලයක් රට අගාධයට හෙළු රාජපක්ෂ යුගය අවසන් කර පත්වූ යහපාලන රජය පත්වී ගතවී තිබෙන්නේ තවමත් වසර තුනක් පමණි. එවැනි මොහොතක මනා ආර්ථික දැක්මක් ඔස්සේ මෙරට යළි සමෘද්ධිය කරා ගෙනගිය අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය මේ සතියේදී කථානායකවරයාට භාරදීමට නියමිත බව පැවසේ. කෙසේවුවත් , ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් ඉදිරිපත් ක...